1. පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍රය සහතික කළ හැකි අය පැහැදිලි කරන්න. එයට විදුහල්පතිතුමාට අමතරව බලය ඇත්තේ කාටද?
විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිතුමාට බලය හිමි වේ.
2. පසුගිය වසරේ ප්‍රතිඵලවලින් මේ වසරේ විශ්වවිද්‍යාල සඳහා අයදුම් කළ හැකිද?
අයදුම් කළ නොහැකිය.
3. පසුගිය වසරේ ලියාපදිංචි වූ අයදුම්කරුවන් මේ වසරේදී නැවත ලියාපදිංචි විය යුතුද?
නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා එක් අයදුම්කරුවකුට ලියාපදිංචි විය හැක්කේ එක් අවස්ථාවක් පමණි.
4. අයදුම්පත්‍රය සමඟ එවිය යුතු ලේඛන මොනවාද? ඒවාගේ සත්‍ය පිටපත් අවශ්‍යද? නැත්නම් සහතික කළ පිටපත් ප්‍රමාණවත්ද?
පාසල් ශිෂ්‍යයකු නම්: සාමාන්‍ය පෙළ සහතිකයේ සහතික කරන ලද පිටපතක්ද, පෞද්ගලික අයදුම්කරුවකු නම්: සාමාන්‍ය පෙළ සහතිකයේ සහතික කරන ලදපිටපතක්, පාසල හැර යෑමේ මුල්පිටපත හා ග්‍රාම නිලධාරි සහතිකයේ මුල්පිටපතක්ද එවිය යුතු වේ.
5. අයදුම්පත්‍ර කැඳවන අවසන් දිනය කවදාද?
2023 ඔක්තෝබර් 5
6. අයදුම් කිරීමට ප්‍රමාණවත් සාමර්ථ්‍ය සහ ඉසෙඩ් අගයක් තිබුණද සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන් ප්‍රමාණවත් ලකුණු ලබා නැති අපේක්ෂකයන් සඳහා විකල්පයක් තිබේද?
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අනිවාර්යයෙන් අයදුම් කළ යුතු අතර, අවස්ථා 3ක් ඇතුළත කාලයේදී පොදු පරීක්ෂණය සමත් විය යුතුයි. එතෙක් විශ්වවිද්‍යාලට ඇතුළත් විය නොහැකිය.
7. වෛද්‍ය සහතික අවශ්‍ය වන පාඨමාලා සඳහා වෛද්‍ය සහතික රජයේ රෝහලකින්ම ගත යුතුද?
සහතික කරන ලද වෛද්‍ය සහතික පිටපතක් පමණක් ප්‍රමාණවත් වේ.
8. සාමාන්‍ය පෙළ සහතිකය සහතික කළ යුත්තේ සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි පාසලේ විදුහලපති විසින්ද?
සාමවිනිසුරුවරයකු/ බලය ලත් දිවුරුම් කොමසාරිස්වරයකු සහතික කිරීම ප්‍රමාණවත් වේ.
9. පාසල් අයදුම්කරුවන්ද පාසල් හැර යෑමේ සහතිකය ඉදිරිපත් කළ යුතුද?
නැත.
10. ප්‍රතිඵල ලේඛනයේ නම වැරදියට සඳහන් වූ සිසුන් එය නිවැරදි කරගන්නේ කෙසේද?
දිවුරුම් පෙත්සමක් සමඟ නිවැරදි නම ඉදිරිපත් කළ යුතු වේ.
11. නැවත සමීක්ෂණයට යොමු කර ඇති අපේක්ෂකයන් අයදුම් කරන්නේ කෙසේද?
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වූ පසු, නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සහන කාලයක් දෙනු ලැබේ.
12. විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ලකුණු දීමේ පටිපාටිය කෙබඳද? ඒ සඳහා මීට පෙර වසරවල ගත් සහතික වලංගු වන්නේද?
සෑම අධ්‍යයන පාඨමාලාවකම ඇති ස්ථානවලින් 0.5%ක ප්‍රමාණයක් දක්වා එකඟ වී ඇති මුළු ස්ථාන සංඛ්‍යාවට යටත්ව සුළු ඉසෙඩ් ලකුණු සංඛ්‍යාවක අඩුවක් නිසා සාමාන්‍ය
ප්‍රවේශය යටතේ යම්කිසි පාඨමාලාවකට නොතේරුණු, එහෙත් ක්‍රීඩා, සෞන්දර්ය සහ සංස්කෘතික කටයුතු (උදා: සංගීතය, නැටුම්, චිත්‍ර, කලා සහ සාහිත්‍යය), බාලදක්ෂ සහ ශිෂ්‍යභට, සමාජ කටයුතු හා වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලින් 2020.01.01 දින සිට 2022.12.31 දින දක්වා කාලය තුළ ජාතික මට්ටමේ ප්‍රථම, දෙවැනි හෝ තෙවැනි ස්ථාන හෝ ජාත්‍යන්තර මට්ටමේ නිපුණතාවක් හිමි කරගෙන ඇති ශිෂ්‍යයන්ට පිරිනැමේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන පාඨමාලා සඳහා එකඟ වී ඇති ස්ථානවලින් 4% දක්වා මේ ප්‍රවේශය සඳහා වෙන් කරනු ලැබේ.
13. අයදුම්පත්‍රය යොමු කිරීමේදී සිදු වූ අත්වැරදි නිවැරදි කරගන්නේ කෙසේද?
කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීම සඳහා අයදුම්පත් කැඳවා අවසන් වන දින සිට සති දෙකක කාලයක් දෙනු ලැබේ.
14. විශ්වවිද්‍යාල තෝරන විට අඩු ඉසෙඩ් අගයන් ඇති අය අනුපිළිවෙළ තෝරාගත යුත්තේ කෙසේද? වඩාත් උචිත ක්‍රමය පහදා දෙන්න.
ඒ සඳහා තමන් පෙනී සිටි විෂය ධාරාව අනුව අයදුම් කළ හැකි පාඨමාලා තම කැමැත්තේ අනුපිළිවෙළ අනුව තෝරාගත හැකිය (උපරිම වශයෙන් යුනිකේත 125ක්).
15. විවෘත විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි අයට තුන්වැනි වර ප්‍රතිඵල අනුව වෙනත්ව විශ්වවිද්‍යාලයකට අයදුම් කළ හැකිද?
අයදුම් කළ හැකියි.
16. දැනටමත් NSBM හෝ SLIIT ලියාපදිංචි වූ සිසුන්ට වඩා හොඳ ප්‍රතිඵල මත රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අයදුම් කළ හැකිද?
අයදුම් කළ හැකියි.
17. බාහිර ක්‍රියාකාරකම් සඳහා අමතර ලකුණු ලබාගැනීමට අයදුම් කළ හැකි ක්‍රමවේදය පැහැදිලි කරන්න.
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි දෙවැනි කොටසට අදාළව අයදුම් කළ හැකියි.
18. මෙවර අයදුම් කොට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුව හොත්, ලියාපදිංචිය සඳහා වසරකින් කල් ලබාගත හැකිද?
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ ලියාපදිංචි වීමෙන් අනතුරුව තෙරී පත් වන විශ්වවිද්‍යාලය මඟින් ඒ සඳහා අනුමැතිය ගත හැකියි.
19. Additional Intake ක්‍රමවේදය සරලව පැහැදිලි කරන්න.
කලා විෂය ධාරාව යටතේ සමහර විෂයයන් සඳහා අවශ්‍ය තරම් සිසුන් ප්‍රමාණයක් නොතේරුණු අවස්ථාවක අදාළ විශ්වවිද්‍යාලයේ ඉල්ලීම මත යම් තෝරාගත් විෂයයන්ට සීමිත අතිරේක සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනේ.