– පාර්ලිමේන්තුවට පත් වූ දා සිට මා මන්ත්‍රී වැටුප අරගෙන නෑ
– වැටුප ගියේ අපි වෙනුවෙන් අපි අරමුදලට
ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිවරයා ලෙස ගෙවුණු අවුරුද්දකුත් මාස 4ක කාලයකදී දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් කළ ඇමැතිවරයා තමන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ එහි පරිපාලන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එහිදී ඇමැතිවරයා මේ බව පැවසීය.
දුම්රියට සම්බන්ධ ඉඩම් ගැටලු, සේවක ගැටලු, රැකියා පුරප්පාඩු පිරවීම, අමතර කොටස් ලබාගැනීම ඇතුළු කරුණු රැසක් වෙනුවෙන් මේ ආකාරයට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබෙන බවත් සෑම සතියකම දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා ආයතනවල පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කරනු ලබන බවත් හෙතෙම කීවේය.
එහීදි වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස මා මේ වගකීම භාරගනු ලැබුවේ අරගලකරුවන් විසින් මාගේ නිෙවස ගිනිබත් කිරීමෙන් අනතුරුව 2022 වසරේ ජූලි මාසයේදී. 1989 වසරේ පාර්ලිමේන්තුවට පිවිසීම දක්වාම මම ලක්ෂ තුනකට අධික සිසු පිරිසකට උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය ඉගැන්වූ ගුරුවරයෙක්. එමෙන්ම එම විෂය හා සම්බන්ධ පොත්පත් විශාල ප්‍රමාණයක් පළ කළ කතුවරයෙක්. ඒ ආකාරයෙන් මා යටතේ අධ්‍යාපනය ලබා මේ වන විට රටේ ඉහළ තනතුරුවල රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ විශාල පිරිසක්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විනිශ්චයකරුවන්, කලාකරුවන්, නීතිඥයන් රැසක් බිහි කිරීමේ පින මට හිමි වුණා. පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අනතුරුව කිසි දිනක මා මන්ත්‍රී වැටුප් ලබාගෙන නැහැ. එම මුදල සෑම මසකම Òඅපි වෙනුවෙන් අපි අරමුදලÓ වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. කිසිදු අවස්ථාවක රජයෙන් ජල බිලක්, විදුලි බිලක්, නිල නිෙවසක් ලබා ගෙන නැහැ.
රටේ බහුතර ජනතාවගේ මතය අපි හිතන දේම නොවෙයි. ජනතාවගෙන් විශාල පිරිසක් ඉල්ලා සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කරන ලෙසයි. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම විශාල ප්‍රමාණයකින් අවම කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ආදායම යම්කිසි ප්‍රමාණයකින් වැඩි කර තිබෙනවා. බාධා විශාල ප්‍රමාණයකට මුහුණ දෙමින් බහුකාර්ය බලකායේ 3000ක් දුම්රියේ ස්ථිර සේවයට බඳවා ගනු ලැබුවා. මේ සියලු කටයුතු කළේ පසුගිය අවුරුද්දකුත් මාස 4ක කාලයකදී.
තත්ත්වය මෙසේ තිබියදී ඉන්දික දොඩම්ගොඩ නමැති දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු වෘත්තීය සමිති නායකයකු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ‘බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණි අදූරදර්ශි, දූෂිතම පාලකයා ලෙස’ චෝදනාවක් එල්ල කළා. කෝටි 5ක අල්ලස් ලබාගත් බව චෝදනා එල්ල කළා. නමුත් සත්‍ය වශයෙන්ම සිදු වූ කරුණු පිළිබඳ අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ඉදිරිපිට ඉන්දීය සමාගමේ නියෝජිතයන් සියලු කරුණු හෙළි කළා. මේ ටෙන්ඩර් දී තිබෙන්නේ 2015 වසරේ සිට මා අමාත්‍ය ධුරයට පත් වීමටත් බොහෝ කලකට පෙරයි. දිගින් දිගටම මේ වෘත්තීය සමිති නායකයන් විසින් කරන ලද බලපෑම් හේතුවෙන් ඩී. එච්. ඉන්දික නමැත්තාගේ මහජන බැංකු ගිණුමට රු. 460,000 සහ රු. 3,100,000ක මුදලක් අවස්ථා දෙකක දී බැර කළ බවට ලිඛිත සාක්ෂි සහිතව තහවුරු කළා. මෙලෙස කටයුතු කළ පුද්ගලයකු දූෂිතම අමාත්‍යවරයා ලෙස මට චෝදනා කිරීම සාධාරණද? මේ සියලු පදනම් විරහිත චෝදනා වෙනුවෙන් උපරිම සීමාව දක්වාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
මේ අමාත්‍යංශය යටතේ ඇති කිසිම ආයතනයක කිසිම තනතුරකට මගේ ඥාති හිත මිතුරකු පත් කර නැහැ. එම ආයතන තිබෙන තත්ත්වයෙන් ඉදිරියට ගෙනයෑමට ඒ පිළිබඳ පළපුරුද්දක් සහ සුදුසුකම් සහිත වෘත්තිකයන් සෑම ස්ථානයකටම පත්කර තිබෙනවා. ඒ වගකීම භාර ගත් ලංගම සභාපතිවරයා මේ වන විට හොරකම වංචාව මැඬ පවත්වමින් අපහසුවෙන් වුවත් ආයතනය ගොඩගනිමින් යනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට පත් කළ සාමාන්‍යාධිකාරිවරයා ද කිසිදු වංචාවකට දූෂණයකට සම්බන්ධ වී නැහැ. බහුතර පිරිසක් අපේ වැඩපිළිවෙළ තේරුම් ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමැතිවරයකුගේ වගකීම ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීම. නමුත් මම අමාත්‍යවරයා ලෙස මේ සෑම ආයතනයකටම ගොස් ඒ පිළිබඳව කරුණු සොයා බලා තිබෙනවා. කාර්ය මණ්ඩලවල කටයුතු පිළිබඳව අවබෝධයක් ලබා ගෙන තිබෙනවා. දාහතර දහසක් සේවකයින් අතරින් දුම්රිය රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, නියාමකයන්, කාර්ය මණ්ඩල බහුතරයක් වර්ජනවලට දායක වුණේ නැහැ. උගත් පිරිසක් ලෙස දුම්රිය සේවකයන් අතරින් බොහෝ දෙනෙක් වර්ජනය කළ 84 දෙනාගේ ගොඩට වැටුණේ නැහැ. වර්ජනය හේතුවෙන් ජනතාව අතරින් යම් කිසි විරෝධයක් මතු වී සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට තර්ජනයක් සිදු වේ යැයි යන සැකයෙන් සෑම දුම්රිය ස්ථානයකම ත්‍රිවිධ ආරක්ෂක හමුදා ආරක්ෂාව ලබා දීමට පියවර ගත්තා.
පවතින ගැටලු පිළිබඳව අවබෝධ කරගනිමින් අනතුරුව දෙපාර්තමේන්තුවක් ලෙස තවදුරටත් මේ ගැටලු විසඳා ගැනීමට පවතින බාධා ඉවත් කිරීම උදෙසා, විශ්‍රාම වැටුප් ඇතුළුව දැනට පවතින සියලු වරප්‍රසාද ආරක්ෂා වන පරිදි දුම්රිය අධිකාරියක් බවට පත් කිරීම ගැන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සාමාන්‍යාධිකාරිවරයා වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් ආයතනයේ පාලන පරිපාලන කටයුතු මෙහෙයවීම ඒ තුළින් සිදු වෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව තවදුරටත් සොයාබැලීමේ වගකීම විශේෂඥ මණ්ඩලයකට භාර දෙනු ලැබුවා. එම කමිටුවේ වාර්තාව තවත් මාස දෙකකින් ලබා දීමට නියමිතයි. ආයතනයේ සියලුම වෘත්තීය සමිති ඇතුළු සේවකයන්ටත් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. සමස්ත පද්ධතියේම වෙනසකින් ගැටලු විසඳා ගැනීම වඩාත් සුදුසු බව මාගේ පෞද්ගලික අදහසයි. විවිධ තර්ජන හේතුවෙන් ඇනහිට තිබූ මහව සිට අනුරාධපුර දක්වා සංඥා පද්ධතිය පිළිසකර කිරීම සඳහා ලබා දී තිබූ ටෙන්ඩරයට අනුව වැඩ ආරම්භ කිරීමේ ගිවිසුමට පසුගියදා අත්සන් කරනු ලැබුවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා –
දුම්රියේ සමස්ත රියැදුරන් මේ වර්ජන වැඩපිළිවෙළේ නැහැ. රියැදුරු සංගමය සභාපතිවරයා පවා මේ වැඩ වර්ජනයට සම්බන්ධ නැහැ. නමුත් නිසි ආකාරයෙන් ජනතාව දැනුම්වත් නොකිරීම හේතුවෙන් සමස්ත දුම්රිය රියැදුරු වර්ජනයක් ලෙස මෙය සමාජගත වුණා. නමුත් ඊට වගකිව යුත්තේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ගෙවුණු වසර ගණනාවක් පුරාවට දුම්රිය පාලනය කළේ මේ වෘත්තිය සමිති නායකයන් දෙදෙනා විසින්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තීය සමිති සියල්ලක්ම මේ තත්ත්වය පිළිබඳව දැනුම්වත්. ශ්‍රේණිගත වෘත්තීය සමිති කිසිවක් වෘත්තීය අරගලවලට දේශපාලනය සම්බන්ධ කර ගන්නේ නැහැ. නමුත් පසුගිය කාලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වුණේ සියලුම සේවකයන් පීඩාවට පත් කරමින්. මෑතකාලීනව ඒ තත්ත්වය වෙනස් කිරීමට හැකියාව ලැබුණා. සැලසුම්සහගතව ක්‍රියාත්මක කෙරෙන ඇතැම් ක්‍රියාමාර්ගවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් එකඟ නැහැ. වත්මන් අමාත්‍යවරයාට මේ ගැටලු විසඳීමට හැකියාව පවතින බව අප විශ්වාස කරනවා. දුම්රිය තාක්ෂණ හා මෙහෙයුම් සේවා සංගමය, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය, දුම්රිය කම්කරු එකමුතුව, පොදුජන දුම්රිය සේවක සංගමය, දුම්රිය එන්ජින් රියැදුරු සහායක සංගමය, ජාතික දුම්රිය සේවක සංගමය, දුම්රිය පාලක සංගමය, රේල්වේ ලෝකෝමොටිව් ඉංජිනේරු සංගමය, දුම්රිය ලිපිකරු සංගමය, රත්මලාන දුම්රිය කම්කරු සමිතිය, දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය, ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරී සේවක සංගමය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ආයතන සහ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මේ සාකච්ඡාවට එක්ව සිටියහ.