ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල දේශීය විශ්වවිද්‍යාල අතරින් ඉහළම ස්ථානය හිමි කරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයට එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය සුභාසිංසන පළ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) රැස්වූ අතර එහිදි මේ සුබපැතුම් පිරිනමා ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවතින බාහිර ආයතන 3කින් අය කළ යුතු කුලිය තක්සේරු වාර්තා අනුව අයකර නොගැනීම පිළිබඳවද කාරක සභාවේ අවධානය මෙහිදී යොමු කර ඇති අතර විශ්වවිද්‍යාලය පවතින්නේ ඉතා වටිනා ඉඩම් සහිත ප්‍රදේශයක බැවින් විශ්වවිද්‍යාලය ඉල්ලා සිටින මුදලට සේවයක් ලබා දීමට එම ආයතන අකමැති බව බලධාරින් මෙහිදී ප්‍රකාශ කර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාලයේ පාලක සභා සංයුතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති අතර පාලක සභාවේ සාමාජිකයන් දෙදෙනකු පත් නොකිරීම පිළිබඳ කෝප් කමිටුව විමසීම් කර ඇත. සති දෙකක් ඇතුළත මේ සාමාජිකයන් දෙදෙනා පත් කිරීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල නිලධාරීන් සඳහන් කර ඇත.