ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන
ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් 02ක් ක්‍රියාත්මක කිරීමට අෙමරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කරගත් ණය පහසුකම් 02ක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ආසියානු සංවර්ධන බැංකුව සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇත. දෙවැනි උප වැඩසටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුළත් මූල්‍ය පද්ධතියක් ගොඩනැඟීමට යෝජනා කර ඇත. පළමු උප වැඩසටහන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් වාර්ෂිකව සියයට 2ක පොලී අනුපාතයක් යටතේ වසර 05ක සහන කාලයක් ද ඇතුළත් වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීමට අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
———————————————————————————————————————————
රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කරන්න අවසර
රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩ බලන හා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩල අනුමත කර තිබේ.
———————————————————————————————————————————
දේශගුණික විනිශ්චය සංසදය නමින් ව්‍යුහයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 28 වැනි සමුළුව සහභාගි වන නියෝජිත කණ්ඩායමේ සක්‍රිය සහභාගිත්වය සඳහා රාජ්‍ය මණ්ඩප සමුළුව පැවැත්වෙන කාලය තුළ පවත්වාගෙන යෑමටත්, දේශගුණික විපර්යාසවලට අදාළ වන ජාතික මට්ටමේ මූලාරම්භයන් එම මණ්ඩපයේ ප්‍රදර්ශනය කිරීමට පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දේශගුණි විනිශ්චය සංසදය නමින් ව්‍යුහයක් ඇති කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනු ලබයි.
———————————————————————————————————————————
බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය ජෝර්ජියාව සමඟ අවබෝධතා ගිවිසුමක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතන සහ ජෝර්ජියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලෙවන් මයික්ලඩ්සේ රාජ්‍යතාන්ත්‍රික පුහුණු හා පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 25ක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් වන සංවත්සර උත්සවයට සමගාමීව එකී යෝජිත අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට එලෙස අනුමැතිය හිමිව අත.
———————————————————————————————————————————
ඉදිරි මාස 4ට ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම
ඉදිරි මාස 4ක් සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 1වැනිදා සිට 2024 පෙබරවාරි මස 29 වැනිදා දක්වා වූ කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත.
ඒ සඳහා මේ වන විට ලංසු 5ක් ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව ඇමැති මණ්ඩලය පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව Petrochina Inaternational (Singapore) Pte.Ltd යන සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
———————————————————————————————————————————
නැංගුරම් බෝයාව සඳහා අවශ්‍ය අමතර කොටස් ප්‍රසම්පාදනයට අවසර
මුතුරාජවෙල ආසන්න මුහුදේ ඛනිජ තෙල් ගොඩබෑම සඳහා භාවිත කරනු ලබන නැංගුරම් බෝයාව සඳහා අවශ්‍ය අමතර කොටස් ප්‍රසම්පාදනය කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
අදාළ අමතර කොටස් ප්‍රසම්පාදනය කිරීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුව ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා එක් ලංසුවක් පමණක් ලැබී ඇත. එකී ලංසුව ඇගයීමට ලක්කළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ ඇමැති මණ්ඩලය පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Yokahama Industrial Products Asia Pacific (Pte) Ltd ට ලබා දීමට අනුමැතිය ලැබී ඇත.
———————————————————————————————————————————
කැලෑ ගිනි ඇතිවීම පාලනයට වැඩපිළිවෙළක්
කැලෑ ගිනි ඇතිවීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වන රාජ්‍ය යන්ත්රණයේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීමට ඇමැතිවරිය ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.