498
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13ත් 16ත් අතර පසුවන සාමණේර හිමිවරුන් සඳහා තායිලන්තයේ උබෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ වසර 05ක කාලයක් නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමේ ශිෂ්‍යත්ව වැඩසටහනක් සැලැසුම් කර තිබේ.
මෙම කාලය තුළ ඉංග්‍රීසි භාෂාව, තායි භාෂාව, පරිගණක අධ්‍යාපනය, ත්‍රිපිටක ධර්මය, බෞද්ධ දර්ශනය ඇතුළු විෂයයන් ගණනාවක් හැදෑරීමේ අවස්ථාව හිමි වන බවත්, මෙම වැඩසටහනට සාමණේර භික්ෂූන් වහන්සේලා 25 නමක් තෝරා ගැනීමට නියමිත බවත් වැඩසටහන් සංවිධායක අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස හිමි පවසයි. මෙම වැඩසටහනට සම්බන්ධ වීමට කැමති සාමණේර හිමිවරුන් 0776262256 වට්ස් ඇප් ඔස්සේ අමතන ලෙස ද දන්වා සිටී.