Wednesday, April 9, 2025
Home » කොටින්ගේ රන් සොයා මුල්ලිවයික්කාලේ කැණීම්

කොටින්ගේ රන් සොයා මුල්ලිවයික්කාලේ කැණීම්

by mahesh
September 27, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

කොටි සාමාජිකයන්ගේ අවි ආයුධ තොගයක් සහ රත්රන් තොගයක් වළ දමා ඇති බවට මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත 25දා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.

කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු විසින් ලබා දෙන ලද රහසිගත තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මෙම කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත් ටී. ප්‍රදීපන් මහතා හා තවත් රාජ්‍ය නිලධාරින් රැසක් ඉදිරියේ මෙම කැණීම් කටයුතු ආරම්භ කොට පැය තුනක් පමණ කැණීම් සිදු කරන විට රෑ වීම නිසා කැණීම් සිදු කළ ස්ථානයට ආරක්ෂාව යොදවා කැණීම් තාවකාලිකව නතර කොට තිබේ.

යුද්ධයේ අවසන් කාලවකාවානුවේදී කොටි සාමාජිකයින් විසින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අවි ආයුධ හා රත්රන් විශාල තොගයක් වළ දමන ලද බවට තොරතුරු හෙළි වී ඇතත් කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව කැණීම් ආරම්භ කළ කිසිම ස්ථානයකින් එවැනි යමක් හමු වී නොමැත.

මීට හේතුව වී ඇත්තේ ඔවුන් විසින් වළ දමන ලද දේවල් මීට ඉහතදී රහසිගතව ලබා ගෙන තිබීමත් එවකට මුලතිව් භූමියේ තිබූ පිහිටීම හා දැනට මුලතිව් භූමියේ ඇති පිහිටීම වෙනස් නිසා වළ දමන ලද ස්ථාන කිසිවකුටත් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකි නිසා බවත් මුලතිව් ආරක්ෂක අංශ සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT