කැනඩාවේ පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් එම රටේ වයස අවුරුදු 13ක දැරියක් දූෂණය කළ යාපනයේ තරුණයෙකු කැනේඩියානු පොලිසිය විසින් 25 දා අත්අඩංගුවට ගෙන තිබේ.
33 හැවිරිදි අනුෂාන් ජයකුමාර් නමැති මෙම තරුණයා පාරේ ගමන් කරමින් සිටි දැරියට ලියවිල්ලක් පෙන්වා ඇයගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා පාළු ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කොට ඇති බව කැනඩාවේ බ්‍රම්රන් ( Bramran ) ප්‍රාන්තයේ පොලිසිය සඳහන් කරයි.මෙම තරුණයා විසින් කැනඩාවේ වෙනත් ළමයින්ට හෝ කාන්තාවන්ට මෙවැනි අපරාධ සිදුකොට ඇත්දැයි සොයා බැලීම සඳහාත් ඔහු වෙනත් අපරාධවලට සම්බන්ධ දැයි විමසා බැලීම සඳහාත් කැනේඩියානු පොලිසිය විසින් ඔහුගේ ඡායාරූපයක් මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගත් යාපනයේ තරුණයා රැකියාවක් සඳහා කැනඩාවට ගොස් සිටියදී ඔහුගේ රැකියාව අහිමි වී මිතුරෙකු ළඟ සිටින අයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කැනඩාවේ බ්‍රම්රන් (Bramran) ප්‍රාන්තයේ පොලිසිය සැකකරුව අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.