Home » ධීවර ඇමැති සහ දකුණු කොරියානු ධීවර ඇමැති අතර හමුවක්

ධීවර ඇමැති සහ දකුණු කොරියානු ධීවර ඇමැති අතර හමුවක්

by mahesh
September 27, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සහ දකුණු කොරියානු සාගර සහ ධීවර ඇමැති චෝ සෙන්ග් හවාන් (Cho seung hwan) මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් අතර හමුවක් පසුගියදා දකුණු කොරියාවේදී පැවැත්විණි.

පසුගිය 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ධීවර ඇමැතිවරයා දකුණු කොරියාවේ නිල සංචාරයක යෙදුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මේ සාකච්ඡාවේදී චෝ සෙන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිස පෙන්වා දී ඇත්තේ ලෝක ආහාර සංවිධානයේ නිගමනවලට අනුව ලෝකයේ ඉදිරි අනාගතයේදී සාගරයේ මත්ස්‍ය සම්පත විනාශ වී යෑමට හේතු වන දේශගුණික විපර්යාස රැසක් සිදු වෙමින් පවතින බවයි. එම නිසා වැඩි වන ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදු වන බැවින් දකුණු කොරියානු නියෝජිතයන්ගේ ඉල්ලීම වූයේ එම ප්‍රෝටීන් අවශ්‍යතාව සැපයීමට අවශ්‍ය ජල ජීවී වගාවන් සංවර්ධන කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම සුදුසු බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා දකුණු කොරියානු සාගර සහ ධීවර ඇමැතිවරයා හමුවේ අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජල ජීවී වගාව සංවර්ධනය සඳහා වූ ස්වාභාවික සම්පත් වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා දකුණු කොරියාව වැනි දියුණු රටවලින් සිය රටට ආධාර සහ තාක්ෂණික සහාය දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

ශ්‍රී ලංකාවේ ජල ජීවී වගාව සංවර්ධනය සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත්, විශේෂයෙන් මුහුදු කූඩැල්ලන් වගා පොළ රැසක් ආරම්භ කර ඇති බවත්, ඒවා නවීන තාක්ෂණය යටතේ ඉදිකිරීමට සිය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ හා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනය හරහා අවශ්‍ය උපදෙස් හා මූල්‍යාධාර ද සපයමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT