Wednesday, April 9, 2025
Home » IMF නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක අතර හමුවක්

IMF නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක අතර හමුවක්

by mahesh
September 27, 2023 1:00 am 0 comment

IMF නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු විය. එහි දී විශේෂයෙන් වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට කර ඇති බලපෑමත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය.

එසේම සමඟි ජන බලවේගය බලයට පත් වූ විගස මේ ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩ ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr. Peter Breuer (Senior. Mission Chief), Ms. Katya Svirydzenka (Dep. Mission Chief), Dr. Sarwat Jahan (IMF Resident Representative), Ms. Manavee Abeyawickrama – (Local Economist), Lan Huong Vu (Communications Dept.) පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී. එල්. පීරිස්, වේලුකුමාර සහ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT