398
තෙල්දෙණිය මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 18 හැවිරිදි තරුණයකු එම රෝහලේ පස්වන මහලින් වැටී මියගොස් ඇත. දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය මෙම තරුණයා මානසික රෝගී තත්ත්වයක් සඳහා රෝහලේ 06 වන වාට්ටුවට ඇතුළු වී ප්රතිකාර ලබමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
පන්විල කන්දේකුඹුර ප්රදේශයේ පදිංචි හර්ෂණ ලක්ෂාන් දිල්රුක්ෂ නමැති මෙම තරුණයා රෝහලේ පස්වන මහලින් බිමට පැන ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.