ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වූ නිපා වයිරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, එය දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවටත් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත මාපියන් විසින් අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් ද නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින්ට අනුව මේ වන විට එම ප්‍රාන්තයේ වයිරසය ව්‍යාප්ත වීම පහත වැටී තිබුණ ද, දෙවැනි රැල්ලක අවදානමක් ඇති බැවින් නිරතුරුවම දරුවන්ගේ දෑත් සේදීම සිදු කළ යුතු බවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. එමෙන්ම නිපා වයිරසය වවුලන්ගෙන් ව්‍යාප්ත වන බවට පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බැවින් දරුවන්ට පිරිසුදු පලතුරු වර්ග ලබාදීමට මාපියන් සැලකිලිමත් විය යුතු බවත් කේරළ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
නිපා වයිරසය ආසාදනය වීමෙන් පෙණහලුවලට සහ මොළයට හානි සිදුවිය හැකි බවත්, ආසාදනය බරපතළ වීම කෝමා තත්ත්වයට හෝ මරණයට හේතු විය හැකි බවත් කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තාවේ.