Home » සජබ රජයක් යටතේ IMF ගිවිසුම යළි සංශෝධනය කරනවා

සජබ රජයක් යටතේ IMF ගිවිසුම යළි සංශෝධනය කරනවා

by mahesh
September 27, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

සමඟි ජන බලවේගයේ රජයක් යටතේ අයි.එම්.එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමිනි.

තමා ඇතුළු සමඟි ජන බලවේගය හා සමඟි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ලැබුණු අවස්ථාවකදී වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සමඟි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැළපෙන ලෙස වෙනස් කරන බව පැහැදිලි කළේ යැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සුපිරි පොහොසතුන්ට හා බැංකුකරුවන්ට සහන ලබා දෙමින් වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට සිදු කළ බලපෑම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට තමන් පැහැදිලි කළ බවත් හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT