මසට විකිණීම සදහා කිරි ඉබිබන් සය දෙනෙකු ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු ජාඇල පාරිස් පෙරේරා මාවතේදී ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
සැකකරුගේ නිවෙස පිටුපස රහසිගතව සගවා තිබු කල්දේරමක තිබී මේ ඉබ්බන් සොයාගැනීමට හැකිවු බව පොලිසිය සදහන් කරයි.
සැකකරු පදිංචිව සිටින ජාඇල ඇළ(ඌරුවෙල් ඔය) ඉවුරට යාබද නිවසේ සිට ඇළේ සිටින ඉබ්බන් අල්ලා මුදලට විකිණීම කාලයක් මුලුල්ලේ සිට ඔහු විසින් කරගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශන කටයුතු වලදී හෙලි වී ඇත.
ඔන්ලයින් ක්‍රමයට ගැනුම්කරුවන් සම්බන්ධ කරගෙන කිලෝ එකක් බරති කිරි ඉබ්බෙක් රුපියල් 20000 වැනි මිළකට අළෙවි කොට ඇති බවද අනාවරණය වු බව පොලිසිය කියයි.
අවුරුදු 45 වයසැති සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.