මුහුදේ පැදිය හැකි බයිසිකලයක් නිෂ්පාදනය කිරීමට මාරවිල තල්විල ග්‍රාමයේ පදිංචි දිනේෂ් මධුරංග මහතා සමත් වී තිබේ.
කොරෝනා සමයේ දී දිනේෂ් මහතාට මේ අදහස පහළ වී ඇති අතර, මෙය නිෂ්පාදනය කිරීම සඳහා වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. මෙය අත්හදා බැලීම ඉකුත් සතියක පමණ කාලයක සිට සිදු වූ අතර ඊයේ (22) මෙය ජනතාවට ප්‍රදර්ශනය කෙරිණි. මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙය ලබා දීම තම ඉලක්කය බව දිනේෂ් මධුරංග මහතා පැවසීය. වෘත්තියෙන් පාපැදි අලුත්වැඩියා කරන්නෙකු වන දිනේෂ් මධුරංග මේ සඳහා රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය කර තිබේ. ඉදිරියේදී මෙම නව නිෂ්පාදනය අඩු මුදලකින් නිෂ්පාදනය කිරීම තම මූලික අරමුණ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පූර්ණමාල්