Sunday, April 20, 2025
Home » අවුරුදු 25ක් තිස්සේ වහලා පිටිගල තාක්ෂණික මධ්‍යස්ථානයේ ඉබියතුරු කඩමු ද?

අවුරුදු 25ක් තිස්සේ වහලා පිටිගල තාක්ෂණික මධ්‍යස්ථානයේ ඉබියතුරු කඩමු ද?

-කෝටි ගණනක වටිනා යන්ත්‍ර සූත්‍රත් දිරනවා

by sachintha
September 25, 2023 1:59 am 0 comment

සීමාසහිත පිටිගල කම්මල් කර්මාන්තකරුවන්ගේ සමුපකාර සමිතිය මඟින් ආරම්භ කරන ලද පිටිගල පොදු සේවා තාක්ෂණික මධ්‍යස්ථානය මීට වසර විසිපහකට පමණ පෙර සිට වසා දමා ඇති අතර, අද වන විට මෙම කම්හල මහා ගන වනාන්තරයට යට වෙමින් දිරා යන අයුරු දැක ගත හැකිය.

පිටිගල ප්‍රදේශයේ ජීවත් වන ඉතාම දක්ෂ කර්මාන්තකරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම අරමුණු කර ගනිමින් මෙම කම්හල ආරම්භ කෙරිණි. අක්කර පහකට අධික භූමියක ඉදිකරන ලද මෙම කම්හල සතුව තිබෙන යන්ත්‍ර සූත්‍ර මෙම කම්හලේ පමණක් සවිකර තිබුණේ ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීම සඳහාය. විදේශීය රටවලින් ආනයනය කරන ලද නවීන යන්ත්‍ර සූත්‍ර අතර යකඩ තැළීමට උපයෝගි කර ගන්නා යන්ත්‍රයෙන් ඕනෑම යකඩයක් අඩිය අඟලට තැළීමට හැකියාව පවතී.

මෙහි ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් එදා ලබා දුන්නද පසුගිය කාලවකවානුව තුළ මෙම කම්හල විවිධ අවස්ථාවන්හිදී විවිධ හේතූන් මත අතහැර දැමීම හේතුවෙන් අද වන විට මෙහි සවිකර ඇති කෝටි ගණන් වටිනා යන්ත්‍ර සූත්‍ර දිරා යමින් පවතී. මෙම කම්හල සතුව තිබූ භූමියද ක්‍රමක්‍රමයෙන් අඩු වී යන අතර, කම්හල් භූමිය ගොඩනැඟිල්ලට පමණක් සීමා වී තිබෙන අයුරු ද දැකගත හැකිය. මෙම කම්හල පවත්වාගෙන යාම සඳහා නියාගම ප්‍රාදේශීය සභාව අවස්ථා කිහිපයකදීම උත්සාහ ගත්තද මේ වන තෙක් කිසිදු වගකිවයුත්තකුගේ අවධානය ඊට යොමු නොවීම හේතුවෙන් මෙම පොදු දේපොළ නිකරුණේ විනාශ මුඛයට පත්වන අයුරු දැකගත හැකිය.

කෙසේ වෙතත් මෙවැනි ආයතන නිසි පරිදි නඩත්තු කරනවා නම් අපේ රටට විදේශ විනිමය ගලා ඒමට මාර්ගය පාදනු නොඅනුමානය.

ඇල්පිටිය විශේෂ – ඩී. ජේ. විජේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT