Wednesday, April 23, 2025
Home » වසු පැටවා නොමරා ඉදිරි ගාතයක් කපාගෙන ගිහින්

වසු පැටවා නොමරා ඉදිරි ගාතයක් කපාගෙන ගිහින්

by sachintha
September 25, 2023 1:41 am 0 comment

ගසේ බැඳ සිටි මාස හතක් පමණ වයසැති වසු පැටවා නොමරා පැටවාගේ ඉදිරි දකුණු කකුල කොටස පමණක් වෙන් වෙන ලෙසට කපාගෙන ගිය ශෝචනීය පුවතක් පොල්පිතිගම පොලිස් වසමෙන් අසන්නට ලැබුණි.

දකුණු කකුල කොටස මුලින්ම කපා ඉවත් කිරීම නිසා පැටවා නොමැරී දැඩි අපහුසතා හමුවේ මේ වන විට කකුල් තුනකින් ජීවත් වන බව පොලිසිය පවසයි.

පොල්පිතිගම නව පොලිස් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පැවරීමත් සමඟින් මෙම අනුවේදනීය පුවත පොල්පිතිගම, වදුරැස්ස ප්‍රදේශයෙන් පසුගිය 20 වැනිදා රාත්‍රියේදී අසන්නට ලැබුණි. කෙසේ වෙතත් කපාගෙන ගිය කොටස මස් වැද්දන් විසින් එම සීමාවේ දමා ගොස් තිබියදී හමු වී තිබේ. එය දුටු සැණින් ගව හිමියා එකී කකුල හා වසු පැටවා රැගෙන පශු වෛද්‍යවරයා හමු වී කකුල බද්ධ කිරීමට උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී ඇතැයි ද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා 22 වැනි දින මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT