කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට හැලගල ප්‍රදේශයේ හෝටලයක පස් කන්දක් කපමින් සිටිය දී එය කඩා වැටීමෙන් පුද්ගලයකු ඉකුත් 22 වැනිදා සවස මිය ගොස් ඇතැයි දංඕවිට පොලිසිය පැවසීය. ලෙස මිය ගොස් ඇත්තේ දංඕවිට කුරුඳුවත්ත අංක 01 ලිපිනයේ පදිංචිව සිටි අමරසිංහ අච්චිල්ලාගේ සුනිල් බණ්ඩාර නැමැති 57 හැවිරිදි පුද්ගලයේකි. මියගොස් ඇති පුද්ගලයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර පසුව විවාහ වී බිරිද හැර ගොස් දරුවන් නොමැති ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව දංඕවිට වැඩිමහල් සහෝදරියගේ නිවසට පැමිණ කුලී වැඩ කරමින් සිට ඇති බවත් මාසයක පමණ කාලයක සිට කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට හැලගල ප්‍රදේශයේ හෝටලයක ගොඩනැඟිල්ලක කොන්ත්‍රාත්කරුවකු යටතේ සේවය කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.
ඉකුත් 22 වැනිදා සවස පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමඟ ඉදි කරමින් ඇති ගොඩනැගිල්ලේ පස් අත්තිවාරම් වළක් කපමින් සිට ඇති බවත් මිය ගොස් ඇති පුද්ගලයා කණුවට බැස පස් ඉවත් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.
එකවර ආ පස් කණ්ඩියට පුද්ගලයකු යට වී සෙසු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අත පය පස් කණ්ඩියට යට වී තිබේ. පසු ඔවුන් අසල සිටි පිරිසක් විසින් ගොඩට ගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර පස් කණ්ඩියට යට වු පුද්ගලයා පැයකට පමණ පසු ගොඩට ගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. ඒ වෙන කොටත් ඔහු මිය ගොස් තිබුණු බවත් පොලිසිය පැවසීය. මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා 23 වැනිදා වරකාපොළ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බාලසූරිය මහතා විසින් සිදු කෙරිණ. පස් කන්දකට යට වීමෙන් සුෂුම්නාවට සිදුව තිබුණු හානි බවට වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා පැවසීය.
දංඕවිට පොලිසියේ පොලිස් සැරයන් අබේසිංහ (34711) මූලික විමර්ශන කටයුතු සිදු කෙරිණ.
කෑගල්ල විශේෂ චමින්ද ජයලත් කොටදෙනියාව සමූහ එම්. පුෂ්පකුමාර