504
මාස තුනේ හතරේ ළමයි ඇඟේම ජරා කර ගත්තට වැඩිය ගණන් ගත යුතු නැතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවරයාට කරන අභියෝග සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව කීවේය.
එහිදි හිටපු ජනාධිපතිවරයා මෙසේ කීවේය.
එයා මොනවද අභියෝග කරේ?. ඔය මාස තුනේ හතරේ ළමයි ඇගේම ජරා කර ගන්නවානේ. ඔය එයත් කරන්නේ ඒ වගේ වැඩ තමයි. ඉතින් කවුරු හරි එයාව හෝදයි. අපේ බලය ස්ථිරයි. අපි අපේ ආණ්ඩුවක් හදනවා ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. යැයි කිවේය.