Thursday, April 24, 2025
Home » ආර්ථික අපහසුතා තිබුණත් සංස්කෘතික වශයෙන් දියුණුව නිසා මිනිස්සු පොත් ගන්න එනවා

ආර්ථික අපහසුතා තිබුණත් සංස්කෘතික වශයෙන් දියුණුව නිසා මිනිස්සු පොත් ගන්න එනවා

- ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා

by sachintha
September 25, 2023 1:39 am 0 comment

ආර්ථික අපහසුකම් කාලයේදීත් අපේ රටේ ජනතාව වැඩි වශයෙන් පොත් ප්‍රදර්ශනයට සහභාගි වන්නේ ඔවුන් සංස්කෘතික වශයෙන් පොහොසත් පිරිසක් නිසා යැයි ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පෙරේදා (23) සහභාගි වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

“මෙය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක්, ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට මේ වාගේ ආර්ථික අපහසුකම් තිබෙන කාලයකත් මේ තරම් විශාල පිරිසක් එන්නේ අපි සංස්කෘතික වශයෙන් පොහොසත් නිසායි. අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලාම කියවීමට පුරුදු වෙලා තියෙනවා. ඒ නිසායි මෙච්චර සෙනඟක් ඇවිත් තියෙන්නේ” යැයි ද ධම්මික පෙරේරා මහතා කීය.

ප්‍රදර්ශන භූමිය තුළ ලාභ අපේක්ෂාවෙන් තොරවම නොමිලේ අධ්‍යාපනය ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වූ ප්‍රදර්ශන කුටියක් ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT