ඉන්දීය අගමැති ආචාර්ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 73 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ විශේෂ පින්කමක් ඉකුත්දා කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී පැවැත්විණි.
ජපානයේ ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා මත, ශ්‍රී ලංකා මහාබෝධි සංගමය විසින් මෙය සංවිධානය කර තිබිණි. මීට සමගාමිව විශේෂ අග්‍රශ්‍රාවක ධාතූන් දැක්මක්ද පැවැත්වුණු අතර, බානගල උපතිස්ස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් සුශිල් ඩෝභාල්, කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දන්තා, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
ජයසිරි මුණසිංහ