Home » තුර්කියේදී ලබන වසරේ අපේ සිනමා උලෙළක්

තුර්කියේදී ලබන වසරේ අපේ සිනමා උලෙළක්

by sachintha
September 25, 2023 1:36 am 0 comment

ශ්‍රී ලාංකික සිනමා උලෙළක් ලබන වසරේ තුර්කියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය සඳහන් කළාය. තුර්කියේ සංස්කෘතික හා සංචාරක ඇමැති මෙහෙමත් නූරි ඉර්සෝයි (Mehmet Nuri Ersoy) මහතා අන්කාරාහි සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේදී පසුගියදා හමු වූ අවස්ථාවේ ඇය මේ බව පැවසුවාය.

මේ සිනමා උලෙළ සඳහා චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා, ශ්‍රී ලාංකේය ලේඛිකාවක හා කිවිඳිය‍ෙ වන සුනේත්‍රා රාජකරුණානායක සහ දැනට තුර්කියේ ඉස්තාන්බුල් මෙඩෙනියෙට් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන චිත්‍රපට නිෂ්පාදක සහ ලේඛක එරන්ද මහගමගේ යන මහත්ම මහත්මීන් සම්බන්ධ වන බවත් තානාපතිනිය කීවාය. තුර්කි ජනරජය තම 100 වැනි නිදහස් සංවත්සරය සැමරීමත් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීමත් සිදු වන මේ වසර දෙරටටම අතිශයින් වැදගත් බව තානාපතිනිය සඳහන් කළාය. මේ සබඳතා සැමරීමට ඔක්තෝබර් 29 දින එකවර තැපැල් මුද්දර නිකුත් කිරීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ සහ කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බවද තානාපතිනි දිසානායක මහත්මිය කීවාය. මුද්දර නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්‍ර ශිල්පී වසන්ත පෙරේරා මහතා එකඟ වී ඇති බවත්, ඔහු මේ වසර අග තුර්කියේ ප්‍රදර්ශනයක් පැවැත්වීමටත්, තුර්කිය පිළිබඳ චිත්‍ර මාලාවක් ආරම්භ කිරීමටත් පැමිණෙන බවත් ඇය සඳහන් කළාය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT