Wednesday, April 23, 2025
Home » නීති විරෝධීව ඩොලමයිට් කැඩූ 5ක් ලබන පෙබරවාරියේ නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

නීති විරෝධීව ඩොලමයිට් කැඩූ 5ක් ලබන පෙබරවාරියේ නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

by sachintha
September 25, 2023 1:48 am 0 comment

නීති විරෝධීව ඩොලමයිට් කැඩීම, ප්‍රවාහනය කිරීම සහ පවත්වාගෙන යෑම යන වැරදිවලට අදාළව සැකකරුවන් පස් දෙනකු භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව මාතලේ, අලුවිහාරය ප්‍රදේශයේදී පසුගියදා (20) අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ, අලුවිහාරේ, සමන්දාව ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය වැඩපොළ දෙකක් මෙලෙස වැටලීම් කර පුද්ගලයන් පස්දෙනෙක්, ලොරි රථයක් සහ බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකව පවතී.

මෙලෙස අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක වෙඩි බෙහෙත් යොදා අනාරක්ෂිත කැනීම් සිදු කිරීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසක් බලපෑමට ලක්ව තිබේ.

බලපත්‍රය ගැනීමේදී භූමි ප්‍රමාණය අනුව තැන්පතු මුදලක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය වෙත ගෙවිය යුතු වුවත් අඩු භූමි ප්‍රමාණයකට අදාළව මුදල් ගෙවා බලපත්‍ර ගෙන ඊට වැඩි භූමි ප්‍රමාණයක ඩොලමයිට් කැනීම සිදුව ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ලොරි රථය, බැකෝ යන්ත්‍රය සහ පුද්ගලයන් මාතලේ මූලස්ථාන පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.

මේ අනුව බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යෑමට පුද්ගලයන් එක් අයෙක් ද, බලපත්‍ර උල්ලංඝනය කිරීමේ වරදට එක් අයෙක් ද, බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීමේ වරදට එක් අයෙක් ද, නීති උල්ලංඝනය කරමින් කැනීම් කිරීමේ වරදට පුද්ගලයන් දෙකක් ද අත්අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී 2024-02-28 වැනි දිනට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාතලේ පොලිසියට නියම කර ඇත.

උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT