දැනට සති තුනයි
තලංගම පිහිටි ලැගුම්හලකදී ගෙල කපා ඝාතනය කළ සුජාතා මුණසිංහ මානාභරණ නමැති කාන්තාවගේ අනන්‍යතාව තවමත් තහවුරුවී නොමැති බැවින් සති තුනක කාලයක් ඇයගේ මළ සිරුර ඇත්තේ පොලිස් මෝචරියේ බව තලංගම පොලිසිය කියයි.
ඇය සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් තොරතුරු වාර්තා වුවත් ඇයගේ මළ සිරුර භාර ගැනීමට තබා ඇගේ මළ සිරුර හඳුනාගැනීමට පවා ඥාතියෙක් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඝාතනයට ලක්ව සිටින්නේ සුජාති මුණසිංහ මානාභරණ නමැති තැනැත්තිය බව නිශ්චිත ලෙස තහවුරු නොවන බවත්, ඒ ඇය බව කියැවෙන්නේ ඇය ඝාතනයවී සිටි ස්ථානයේ තිබී හමු වූ පුවත්පත් වාර්තා ඇතුළු ලියකියවිලිවලට අනුව බවත් එම නිලධාරියා කීවේය. ඇය පදිංචි ස්ථානයක් හෝ ඇයගේ ජාතික හැඳුනුම්පතක් හෝ වෙනත් පිළිගත හැකි අනන්‍යතා ලේඛනයක් සොයා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැති බව ද එම නිලධාරියා කීවේය.
යුද්ධය පැවති සමයේදී හමුදා කඳවුරුවලටත් පොලිස් ස්ථානවලටත් ගොස් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට යැයි සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ ආශිර්වාදය හා අවසරය ඇතිව මනෝ උපදේශන කටයුතුවල නිරතව සිටි මනෝ උපදේශකවරියක් වූ ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම පුදුම උපදවන සුළුය.
ඇයගේ සිරුර හමුවී ඇත්තේ පසුගිය 04 දහවල් කාලයේදීය. ඇය සමඟ ලැඟුම්හලේ කාමරයේ සිටි පුද්ගලයෙක් විසින් ඇයව මරා දමා තිබුණි. ඇය මරා දැමූ පුද්ගලයා විසින් ලියා තබන ලද ලිපියක් ද ඇය ඝාතනයවී සිටි කාමරයේ තිබී හමු විය. එම පුද්ගලයා කවුරුන් දැයි කියා කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණයවී නැත.
ඇය සම්බන්ධයෙන් තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයෙන් පවා ඉල්ලා ඇති බව මේ ගැන විමසීමේදී තලංගම පොලිසියේ වගකිව යුතු නිලධාරියෙක් පැවැසීය. Òඅපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇය ගැන තොරතුරු ඉල්ලුවා. තාමත් තොරතුරක් අපට ලැබී නෑ. අපි හිතන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සතුවත් ඇය සතු තොරතුරු නැති බවයි,Ó යනුවෙන් එම නිලධාරියා කීවේය.
ගයාන් කුමාර වීරසිංහ