Home » හදිසි රෝගී තත්ත්වයකින් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ සිසුවෙක් මරුට

හදිසි රෝගී තත්ත්වයකින් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ සිසුවෙක් මරුට

by sachintha
September 25, 2023 1:37 am 0 comment

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් පවත්වා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දෙමින් මෘත ශරීරයේ කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇත.

සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් පවත්වනු ලැබීය.
මෙලෙස මිය ගිය තීවින් සාහිත්‍යන් ( Thivin Sahithiyan) නමැති 23 හැවිරිදි සිසුවා මන්නාරම, මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පේරාදෙණිය, ඊරියගම පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනකු සමඟ මොහු නතරවී විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවල යෙදී ඇත. නේවාසිකාගාරයේ සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා පසුගිය 22 වැනිදා අලුයම 2.00ට පමණ මොහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලට ඇතුළත් කර පැයක පමණ කාලයකදී සිසුවා මිය ගොස් ඇත.
අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT