ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
පහර කෑ පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත
ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුව දායක මුහුදේ බීමත්ව පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී නෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකු සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි
එම ස්ථානය දිය නෑමට අනාරක්ෂිත බව සම්බන්ධයෙන් එම පුද්ගලයින් ට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට නිලධාරීන් දැනුම් දීමක් සිදු කළ අවස්ථාවේදී අදාළ පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ කලහකාරි ලෙස හැසිරී ඇති අතර නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 සහ අවුරුදු 30 අතර පසුවන රත්මලාන සහ පිළියන්දල අහුන්ගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ