Home » ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට පාකි­ස්තා­න­යට එරෙ­හිව අව­සන් පූර්ව සට­නට
19 වැනි ආසි­යානු ක්‍රීඩා උලෙළ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට පාකි­ස්තා­න­යට එරෙ­හිව අව­සන් පූර්ව සට­නට

by Gayan Abeykoon
September 23, 2023 1:30 am 0 comment

ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නායක අනුර රෝහණ සහ නායිකා ගය­න්තිකා අබේ­රත්න. ඡායා­රූ­පය-නිරෝ­ෂාන් ප්‍රියං­කර

චීනයේ හැන්ජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.

හැන්ජෝහි ශෙයිජන්ග් විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේ ඊයේ පැවති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී තායිලන්තයට එරෙහිව කඩුලු 8ක ජයක් සමඟ ශ්‍රී ලංකා පිල මේ අවස්ථාව උදා කර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල හෙට (24) දෙවැනි අවසන් පූර්ව තරගයට එක් වන්නේ පාකිස්තානයට එරෙහිවය. මේ තරගයේ ජයග්‍රාහිකාවන් හෙට පැවැත්වෙන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයේ ජයග්‍රාහිකාවන් සමඟ අනිද්දා රන් පදක්කම වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඕවර 15කට සීමා වූ ඊයේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් තායිලන්ත පිල ලකුණු 78කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 10.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

නායිකා චමරි අතපත්තු පන්දු 21කින් ලකුණු 27ක් සහ අනුෂ්කා සංජීවනී පන්දු 23කින් ලකුණු 32ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනාම හතරේ පහර 5

තායි­ල­න්ත­ ඉනිම සුනු විසුනු කරමින් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නිය ඉනෝෂි ප්‍රිය­ද­ර්ශනී

තායි­ල­න්ත­ ඉනිම සුනු විසුනු කරමින් ලකුණු 10කට
කඩුලු 4ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නිය ඉනෝෂි ප්‍රිය­ද­ර්ශනී

බැගින් එල්ල කර තිබිණි. හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 14ක් සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 8ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.

චනිද සූත්තිරුන්ග් නොදැවී ලකුණු 31ක් රැස් කරමින් තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ ලකුණු 10 සීමාව පසු කළ හැකි වූයේ ඇයට පමණි. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 4ක් දවා ගත්තාය.

බංග්ලාදේශය ඊයේ හොංකොං පිලට එරෙහිව සිවුවැනි අර්ධ අවසන් තරගයට එක්වීමට නියමිතව සිටියද වර්ෂාව හේතුවෙන් තරග ඇත්හැර දැමීම හේතුවෙන් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට එක් විය.

මහේෂි – නෆිරාන් ඔරුවෙන් අවසන් තරගවලට

ඊයේ දිනයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් තරග බිමට පිවිසි අතර, එහිදී කාන්තා කේවල ඔරු පැදීමේ ස්කල්ස් ඉසව්වට එක් වූ මහේෂි බණ්ඩාර මිනිත්තු 8:57.65ක කාලයකින් තරගය නිමා කරමින් 5 වැනි ස්ථානයට පත් වූවාය. මේ ඉසව්වේ පිරිමි තරගයට එක් වූ මොහොමඩ් නෆිරාන් ද පස්වැනියා ලෙස (මිනිත්තු 7:57.55) තරග නිමා කළ අතර, ඔවුන් දෙදෙනාම ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.එම තරග දෙක 25 වැනිදා පැවැත්වේ.

මේ අතර කාන්තා බීච් වොලිබෝල් ඉසව්වේ මූලික වටයේ තරගයකට එක් වූ ශ්‍රී ලංකා පිල පිලිපීනය හමුවේ 2-0කින් පරාජය වීමට සිදු විය.එහි ලකුණු තත්ත්වය වූයේ 21-10ක් සහ 21-17ක් ලෙසිනි. රුවල් ඔරු පැදීමෙන් කාන්තා තරගාවලියේ ඩිංගි යාත්‍රා අයිඑල්සීඒ4 ඉසව්වට එක් වූ ආර්යානා ත්‍යාල්‍යා තෙවැනි ලෙස තරගය නිමා කළ ද සමස්ත ක්‍රීඩිකාවන් අතරේ ඇයට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. එම ඉසව්වේ පිරිමි තරගයට එක් වූ තරීන් නානායක්කාර 12 වැනියා ලෙස තරගය නිමා කළේය.

මේ ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය අද (23) පැවැත්වීමට නියමිත අතර, ඊට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ගෝල්ෆ් ක්‍රීඩක අනුර රෝහණ සහ නායිකාව ලෙස නම් කර ඇති මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ඊයේ (22) හැන්ජෝ නුවර වෙත පැමිණියහ. ඒ සමඟ රග්බි ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් ද චීනයට පැමිණියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT