Monday, April 21, 2025
Home » අමෙරිකාවෙන් යුක්‍රේනයට නවීන දිගු දුර මිසයිල

අමෙරිකාවෙන් යුක්‍රේනයට නවීන දිගු දුර මිසයිල

by chanaka
September 23, 2023 6:22 pm 0 comment

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට නවීන දිගු දුර මිසයිල ලබා දීමට සැලසුම් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මිසයිල පද්ධතිය මගින් රුසියාවට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇති බවට, යුද විශ්ලේෂකයින් මත පළ කර සිටි.

කිලෝමීටර් 300 දක්වා පරාසයක ඇති ඉලක්ක වෙත එල්ල කළ හැකි මිසයිල පද්ධතියක් යුක්‍රේනයට ලබා දෙනු ඇති බව, අමෙරිකානු බලධාරීන් මාධ්‍යට හෙළි කර තිබේ. මෙම මිසයිල පද්ධතිය මගින් ඉදිරි පෙළට බොහෝ දුරින් සිටින රුසියානු හමුදා බලඇණිවලට පහර දීමට හැකියාව පවති.

එළඹෙන සතියේදී ඇමෙරිකානු බලධාරීන් විසින් “ඇටෑකම්ස්” මිසයිල පද්ධතිය යුක්ක්‍රේනයට ලබාදෙන බවට අමෙරිකානු මාධ්‍ය පවසයි. කෙසේවෙතත්, දෙරටේ බලධාරින් විසින් පළ වන මාධ්‍ය වාර්තා පිලිබඳ තහවුරු කිරීමක් සිදුකොට නොමැත.

ප්‍රධාන රුසියානු සැපයුම් මාර්ග, සහ පසුපෙලින් තිබෙන හමුදා බලඇණිවලට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇතිවනු බව යුධ විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

මේ අතර ඊයේ රුසියාවේ කළු මුහුදේ ක්‍රිමියානු යාත්‍රා බලඇණියේ මූලස්ථානයට එල්ල කල මිසයිල ප්‍රහාරයෙන් දරුණු හානි සිදුව තිබේ. ප්‍රහාරය සදහා යොදාගෙන ඇත්තේ, බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදිත කිලෝමීටර 150ක ඉලක්ක වෙත එල්ල කල හැකි Storm Shadow මිසයිල බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT