කැනඩාවේදී සික් ජාතික බෙදුම්වාදී නායකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර උද්ගත වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සික් දේවස්ථානයක් ඉදිරිපිටදී පසුගිය ජුනි මාසයේදී සික් ජාතික නායකයා ඝාතනයට ලක්වීම පිටුපස ඉන්දියාවේ සම්බන්ධතාවක් ඇතැයි තමා මිට පෙර කළ ප්‍රකාශය කිසිසේත්ම වෙනස් කර නොගන්නා බව පෙරේදා කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ නැවතත් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරය සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින කැනඩාවේ අගමැතිවරයා එහිදී වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ පෙර ප්‍රකාශ කළ පරිදිම කැනඩා භූමියේදී කැනඩාවේ පුරවැසිභාවය ලැබු සික් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට විශ්වාස කළ හැකි හේතු ඇති බවය.
ඉන්දියාව එම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරමින් ඊට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාවේ කැනඩා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු රටින් පිටුවහල් කිරීමේ නිවේදනය ද නිකුත් කර තිබිණි.
ඊට පිළිතුරු වශයෙන් කැනඩාව ද එරට ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු රටින් පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයේ උණුසුම අතරතුර කැනඩා ජාතිකයන්ට වීසා බලපත් නිකුත් කිරීම අත්හිටුවීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ.