ජෛව විවිධත්වයේ ක්ෂේම භූමියක් බඳු, හෙරිටන්ස් කණ්ඩලම හෝටලය විසින් පවත්වාගෙන යනු ලබන වනාන්තරය තව දුරටත් පුළුල් කෙරේ. දැනට අක්කර 198ක සංරක්ෂණ වනාන්තරයක් වන එයට තවත් අක්කර 13ක් එකතු කරන ලදි. මේ භූමි ප්‍රමාණය හෙරිටන්ස් කණ්ඩලම විසින් නඩත්තු කරනු ලබන්නකි.
එයිට්කන් ස්පෙන්ස් සමාගම පාරිසරික තිරසරභාවය සම්බන්ධයෙන් දිගුකාලීන කැපවීමක් අනුව ක්‍රියා කරන සමාගමකි. එයිට්කන් ස්පෙන්ස් හෝටල් පද්ධතියට අයත් ‘හෙරිටන්ස් කණ්ඩලම’ ජෛව විවිධත්වයෙන් යුත් වනාන්තරය පුළුල් කිරීම පිළිබඳ නිවේදනය කරන්නේ මහත් ආඩම්බරයෙනි.
සැලකිය යුතු මූල්‍ය ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස සිදු කෙරෙන මේ වනාන්තරය පුළුල් කිරීම නිසා දැනට ඇති සංරක්ෂණ වනාන්තරය අක්කර 211ක භූමියක් පුරා විසිරී පැතිරී යනු ඇත. එමඟින් දැනට පවතින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාව රක්ෂිතය සහ ‘හෙරිටන්ස් කණ්ඩලම’ වන රක්‍ෂිතය අතර කදිම සම්බන්ධිතයක් නිර්මාණය කෙරෙයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය කෙරෙන පාරිසරික සංරක්ෂණයේ තෝතැන්නක් මේ වන ව්‍යාප්තිය මඟින් ස්ථාවර කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ අමිල පරිසර පද්ධතීන් ආරක්‍ෂා කර ගැනීමටත්, එහි වෙසෙන ගණන් කළ නොහැකි ජීවීන් සංතතිය ආරක්ෂා කිරීමටත් ‘හෙරිටන්ස් කණ්ඩලම’ දක්වන කැපවීම පිළිබඳ මේ වනාන්තරය සාක්ෂි දරයි.
කණ්ඩලම වනාන්තරයේ වෙසෙන සමනලුන් විශේෂ 64කි. ඊටම ආවේණික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ 183කි. ඔවුන්ගේ ස්වභාවික ක්‍රියාකාරකම්වලින් අලංකෘත පසුබිමක විසිරී පැතිරී පවතින, දේශීය වශයෙන් ආවේණික ශාක විශේෂ 128කි. මේ සියලු දේ එක්තැන් වූ කල්හි, එය කැන්වසයක් මත නිර්මාණය කරන ලද්දා වූ චිත්තාකර්ෂණීය සිතුවමක් වැන්න.
අළු කොකා, නිල් පෙඳ බිඟුහරයා සහ හොට රතු පිළිහුඩුවා ප්‍රදේශයේ නිතරම සැරි සරන අලංකාර පක්‍ෂීහු වෙති. අනුවර්තිත උකුසු රාජාලියා, බ්‍රාහ්මණ උකුස්සා සහ අලි මාළුවා හෙවත් අළු හිස් රාජාලියා වැනි පක්ෂීහු නිරන්තරයෙන්ම මේ වනාන්තරයේ ගොදුරු සොයා යති. උරග විශේෂ 19ක්, දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින් 17ක් ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් සඳහා වාසස්ථානයක් මෙන්ම සංචරණ ප්‍රදේශයක් ද එමඟින් ආරක්‍ෂා කෙරෙයි.
“හෙරිටන්ස් කණ්ඩලම වනාන්තරය පුළුල් කිරීම, පරිසරයේ භාරකාරත්වය දැරීම සම්බන්ධයෙන් එයිට්කන්ස් ස්පෙන්ස් සමාගමේ නොසැලෙන කැපවීම පිළිබඳ දීප්තිමත් උදාහරණයක්. මේ භූමිය සංරක්ෂණය කිරීම සඳහා ආයෝජනය කිරීමෙන්, හෙරිටන්ස් කණ්ඩලම (හෝටලයේ) අද්විතීය ආගන්තුක සත්කාරය සහ ස්වභාවධර්මයේ සංරක්ෂණය අතර කදිම සමතුලිතතාවක් ගොඩනංවනවා. ඊටත් වඩා, එය පරිසර හිතකාමී නිවාඩු නිකේතනවලින් සමන්විත, තිරසර සංචාරක ව්‍යාපාරයක් සඳහා මනා පිටුවහලක් වන අපූරු ආදර්ශයක් නිර්මාණය කිරීමක්” යැයි එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකාරීත්වයේ සභාපතිනි ස්ටෂානි ජයවර්ධන මෙණෙවිය පැවසුවාය.