ලෝකයේ යහපත් පරිවර්තනයන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමට කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අප්‍රමාණ වූ හැකියාවක් ඇත. එහෙත් ඔවුන්ට තම නිවෙස් තුළ මෙන්ම ප්‍රජාවන් තුළ තීරණ ගැනීමේ සමාන අයිතිය තහවුරු කිරීමට නම් තව බොහෝ දෑ ඉටු කළ යුතුව පවතී. එමෙන්ම රටේ සංවර්ධනයට දායක වීමටත්, ඉන් ප්රතිලාභ ලැබීමටත් ඔවුන්ට වැඩි වැඩියෙන් අවස්ථා උදාකර දිය යුතු ය. කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වන Fems, කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීම සඳහා අත්වැලක් වීමට සෑම විටම කටයුතු කර තිබේ. වඩාත් යහපත් හෙට දිනයක් උදෙසා කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබල ගැන්වීමේ වැදගත්කම දකිමින්, Fems මේ වනවිට ‘H.E.R Foundation’ (Help. Empower. Rise) නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් Hemas Consumer Brands හි අධ්යක්ෂ (අලෙවි) ශියාන් ජයවීර මහතා මෙසේ අදහස් දැක්වීය. “කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වශයෙන් Fems සෑම විටම කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සමාජ සම්මතයන්ගේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වී තිබෙනවා. ‘H.E.R Foundation’ යනු මෙම මෙහෙවරේ ඉදිරි පියවරක්. මේ ඔස්සේ කාන්තාවන්, ගැහැනු දරුවන් සහ ප්‍රජාවන් දැනුම්වත් කිරීමටත්, විවිධාකාර වූ බාධාවන් ජය ගැනීමට කාන්තාවන් හා ගැහැනු දරුවන් දිරිමත් කිරීමටත් අවශ්‍ය විසඳුම් හා සම්පත් සැපයීමට අප බලාපොරොත්තු වනවා.”
අධ්‍යාපනික වැඩසටහන්වල සිට, සනීපාරක්ෂක තුවා ලබා ගැනීමේ පහසුකම් සැලසීම ඔස්සේ කාන්තාවන් හා ගැහැනු දරුවන්ගේ සනීපාරක්ෂාව නැංවීම දක්වා විවිධාකාර වූ වැඩසටහන් H.E.R Foundation හරහා ක්‍රියාවට නැංවෙනු ඇත. අන්තර්කරණය තුළින් සියලුම තරාතිරම්වලට අයත් වූ කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන Help, Empower සහ Rise යන ප්‍රධාන අංශ තුන යටතේ ක්‍රියාත්මක කෙරේ.
Help අංශය යටතේ ප්‍රධාන වශයෙන් සහනදායී මිලට පහසුවෙන් සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සිදුකෙරෙනු ඇත. අනවබෝධය සහ මිල අධික වීම යන සාධක හේතුවෙන් රටේ කාන්තාවන් අතරින් 70% කටම විධිමත් ලෙස සනීපාරක්ෂක තුවා භාවිත කිරීමට නොහැකි වී තිබේ. මීට පිළියමක් වශයෙන් 2022 වසරේදී Fems විසින් ‘AYA’ සන්නාමය යටතේ ඉහළම ප්‍රමිතියකින් යුත්, එහෙත් සහනදායී මිලකට ලබාගත හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් හඳුන්වා දෙන ලදි. මෙම සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට මෙරට කාන්තාවන් හා ගැහැනු දරුවන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දීමට H.E.R Foundation කටයුතු කරනු ඇත. මේ වනවිට රටේ පවුල් 270,000 කට වැඩි ගණනකට AYA සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට හැකි වී තිබේ.