Home » නිලාර්ට මුල් පුටුවක්

නිලාර්ට මුල් පුටුවක්

by chanaka
September 23, 2023 4:49 pm 0 comment

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා පත්වේ.

කීර්ති පැස්කුවල්, සුනිල් ආර් ගමගේ, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක සහ රාජ් තිල්ලෙයාන්පලම් යන මහත්වරුන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් පත්ව තිබේ.

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකටය. ACPOSL එවන් සාමූහික සංගමයකි.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට අනුව රටකට පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ACPOSL පමණයි. එහි කටයුතු බුද්ධිමය දේපල කාර්යාලය මගින් අධික්ෂණය කෙරේ.

මේ සංගමය ශ්‍රී ලංකාවේ ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ සංගීත ප්‍රකාශකයන්ගෙන් සමන්විතයි. එමෙන්ම එය ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කෙරේ.

මෙම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල මහතායි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT