Home » තිලී­පන් සම­රන්න ගිය සිවා­ජි­ලිං­ගම්ට අධි­චෝ­දනා

තිලී­පන් සම­රන්න ගිය සිවා­ජි­ලිං­ගම්ට අධි­චෝ­දනා

ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරි

by Gayan Abeykoon
September 23, 2023 1:31 am 0 comment

රෝෂන් තුෂාර

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තහනමට ලක් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ ‘තිලීපන්’ ගුණසමරුව සංවිධානය කළේ යැයි අධිචෝදනා ලත් දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනකලිංගම් සිවාජිලිංගම්ට අධිචෝදනා භාරදුන් කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත මුදා හරින ලෙසට ඊයේ (22) නියෝග කෙළේය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසට පොලිසියට නියෝග කෙළේය.

2020 සැප්තැම්බර් 15 වැනි දින යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ ගෝකුල පාරේදී එල්ටීටීඊ සාමාජිකයෙකු වූ රසයියා පාර්තියන් හෙවත් තිලීපන් තිස්තුන්වන අනුස්මරණ උත්සවය සංවිධානය කිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව 2022 පෙබරවාරි 24 වන දින පවරා තිබිණි.

අදාළ නඩුව ප්‍රකාරව කොළඹ මහාධිකරණය විත්තිකරුට සිතාසි නිකුත් කර ඇති අතර, එම සිතාසිය අනුව අධිකරණයේ පෙනී නොසිටි හෙයින් විත්තිකරුට වරෙන්තු නිකුත් කර ඇත.

අධිකරණයට කැඳවා වසරකට පමණ පසුව වරෙන්තු ලබා තිබූ සැකකරු නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු පිරිසක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

සැකකරු වරෙන්තු ලබා සිටි කාලය තුළ ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා ගොස් සිටි හෙයින් වරෙන්තු ආපසු කැඳවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා දන්වා සිටියේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තියට අනුව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වී‍ෙම් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීම ඇතුළු චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.

නඩුවේ සාක්ෂි ලෙස බැනර්, ඉටිපන්දම්, කෙසෙල් කොට, යාපන අධිකරණයේ නඩු වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, සාක්ෂිකරුවන් ලෙස කෝපායි පොලිසියේ නිලධාරීන් හා දෙනෙකුගේ නම් ඇතුළත් කර ඇත. නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝබර් 20 වැනි දින ආරම්භ කරන බව දන්වා සිටි විනිසුරුවරයා කෝපායි පොලිසියේ ස්ථානාධිපතිවරයාට එදිනට පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT