Home » පොල්පිතිගමටත් කහන ලෙඩේ 

පොල්පිතිගමටත් කහන ලෙඩේ 

අසාත්මිකතාවක් හේතුවෙන් සිසුහු 19ක් රෝහලේ

by mahesh
September 22, 2023 1:00 am 0 comment

පොල්පිතිගම - නන්දන කැලේගම

අසාත්මිකතාවයක් හේතුවෙන් ඊයේ (21) සවස් යාමයේ පාසල් සිසුන් 19 දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පොල්පිතිගම කොට්ඨාස අධ්‍යාපන කලාපයට අයත් දොරවේරුව ටී.බී.‍ විජේසුරිය විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියෝ පිරිසකි. ඔවුන් පාසලට පැමිණ දිවා අහාරය ගෙන තිබේ‍. ඇතැම් ළමුන් නිවසින් ගෙනා කෑම ආහාරයට ගෙන ඇති අතර, තවත් ළමුන් පාසලෙන් දුන් කෑම වේල ආහාරයට ගත් පසුව ඇග කැසීම හේතුවෙන් ගුරුවරු හා මවුපියන් එක්ව පුද්ගලික වෑන් රථයකින් ඔවුන් රෝහල් ගත කර තිබේ. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුන්ගෙන් ඇතැමුන්ගෙන් රෝග ලක්ෂණ පෙන්වමින් ඇග පුරා කසානා තත්ත්වයක් දක්නට ඇති නමුත්, බොහොමයක් සිසුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇග කසනා බවත් රෝහල් සේවකයෙක් පැවසීය. ඔවුන් ඊට පෙර දිනයේ එනම් 20 දා වෙනත් පාසලක පොත් ප්‍රදර්ශණයකට ගොස් එම පාසලෙන් දුන් කිරි පැකට් හා සුළු ආහාරයක් දිවා ආහාරයට ගෙන ඇති බවට මවුපියන් පවසන නමුත් එය හේතුකරගෙන ඊට සහභාගි වු තවත් පාසල්වල දරුවන් සිටියදී මෙවැනි පිරිසකට පමණක් ‍රෝග ලක්ෂණ පහළ විය නොහැකි බවත් රෝහල් සේවකයා පැවසීය. මෙවැනි රෝග ලක්ෂණ පහළ වු සිසුන් තවත් පාසලේ සිටින නමුත් ‍ ඔවුන් රෝහල් ගත වී නැති බවත් මවුපියන් කියති. කෙසේ වෙතත් අසාත්මිකතා පෙන්වන කිසිදු රෝගියෙකු අසාධ්‍යය තත්ත්වයේ නොමැති බවත්, ඔවුන් හදිසි ප්‍රතිකාර ඒකකයෙන් වාට්ටුවටලට දැමීමට කටයුතු කරන බවත් රෝහල් ආරංචි මාර්ග තුළින් අනාවරණය වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT