Monday, April 21, 2025
Home » පාස්කු ප්‍රහාරය ගැන විදේශීය විමර්ශනයක් අවශ්‍යව තිබෙනවා

පාස්කු ප්‍රහාරය ගැන විදේශීය විමර්ශනයක් අවශ්‍යව තිබෙනවා

by mahesh
September 22, 2023 1:00 am 0 comment

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මෙසේද පැවසීය.

සත්‍ය හෙළි කර ගැනීම සඳහා දේශීය යන්ත්‍රණයක් මඟින් ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම හේතුවෙන් විදේශීය විමර්ශනයක් පැවැත්වීමට අත්‍යවශ්‍යයි. පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ පිළිබඳව දේශීය වශයෙන් පරීක්ෂණ රැසක් සිදුවී ඇති නමුත් කිසිදු ඵලක් ලැබී නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ප්‍රකාශ කරන ලද වීඩියෝවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද බවට චෝදනා එල්ල කර තිබෙනවා. වසර හතරකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පාස්කු ප්‍රහාරය සඳහා සෘජුව වගකිව යුතු පාර්ශ්ව හඳුනා ගැනීමටත් ප්‍රහාරයේ අරමුණ හෙළි කිරීමටත් ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආරක්ෂක අංශවල අය තවමත් තනතුරු දරමින් සිටිනවා. ඔවුන් තාවකාලිකව තනතුරුවලින් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT