පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මියගිය හා විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙක්කලනාදන් මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අෙඩක්කලනාදන් මහතා මෙසේද පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට චැනල් ෆෝ නාළිකාව වීඩියෝපටයක් නිකුත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. අද චැනල් ෆෝ නාළිකාව වාර්තා චිත්‍රපටයක් නිකුත් කර තිබෙනවා. ඒක ඇත්තද බොරු ද කියනවට වඩා ඒ ගැන පරීක්‍ෂණ කරන්නැයි හැමෝටම අවශ්‍ය. අපේ මැල්කම් රංජිත් හිමිපාණන්ව මම අගය කරනවා. උන්වහන්සේ තම ජනතාවට සාධාරණය අපේක්ෂා කරනවා. ඊට අමතරව ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන, ඒ වගේම මෙම ප්‍රහාරය තුළින් ක්‍රිස්තියානි, දෙමළ, මුස්ලිම් සම්බන්ධය දෙකඩ කරන්න අවස්ථාවක් කර ගත්තද කියන එකත් ප්‍රශ්නයක්. ඒ නිසා කාදිනල්තුමා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා. අපිත් ඒකම ඉල්ලනවා. සමූලඝාතනය වූවන් අතර විදේශිකයන් සිටි නිසා දේශීය පරීක්ෂණයක් පිළිගත නොහැකියි. ඝාතනයට ලක් වූ සහ තවමත් අපේ කිතුනු ආගමේ කැලැල් ඇති මිනිසුන්ට මගේ සංවේගය පළ කරනවා. මේ මොහොතේදී ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපද කියනවා.