Home » නවගමුවේ පින් කැටවලට සීල්
පඬුරු වංචා කරලා

නවගමුවේ පින් කැටවලට සීල්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරීක්ෂණ අනුව ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලය සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පින්කැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රා තබා ඇතැයි නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම රාජමහා විහාරය සහ ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසයි.

විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බව ද ඒ මහතා පවසයි.

මෙම සිද්ධස්ථානය වෙත ලැබෙන පඬුරු මුදල් කලක සිට විශාල වශයෙන් අවභාවිත වන බවට සහ දේවාලයට පූජා කෙරෙන රන් ආභරණ ආදිය නිසි ලෙස ලැයිස්තුගත නොවී විකුණා මුදල් වංචා කරන බවට කලක සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටම ලද පැමිණිලි මත මේ පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසු පින් කැට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බව ද පලිහේන මහතා පැවසීය.

පසුගිය සමයේ වාහන සේල් හිමියකුට රුපියල් කෝටි 10ක් පොලියට ලබා දුන් බවට අදාළ සිද්ධස්ථානයේ හිමිනමකට ද චෝදනා එල්ල වූ බැවින් මෙම ස්ථානයේ සිදු වන වංචාසහගත ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය මඟින් විහාර දේවාලගම් ආඥා පනතේ 15(1),15(2)15(3),15(4) යන වගන්ති යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිත පැමිණිල්ලක් ද සිදු කර තිබූ බවද වැඩිදුරටත් අදහස් දක්වමින් චන්ද්‍රසේන පලිහේන මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT