Wednesday, April 9, 2025
Home » පාස්කු දා ප්‍රහාරය ගැන ෆොන්සේකාගේ ප්‍රකාශය අමූලික බොරුවක්

පාස්කු දා ප්‍රහාරය ගැන ෆොන්සේකාගේ ප්‍රකාශය අමූලික බොරුවක්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ අමූලික බොරු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුළුමනින්ම ඒකපාක්ෂික බව ද ඒ මහතා පැවසුවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ මහතා මෙසේ ද පැවසුවේය.

සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයා කාලයේ දාහක් එක්දහස් පන්සීයක් සෙබළුන් මැරුණා. ඒවා ගැන ඔහු කතා කරන්නේ නැහැ. හමුදා මූලස්ථානය රැකගන්න බැරි හමුදාපතිවරයෙක් ඔහු. ඔහුගේ බඩවැල් එළියට එන්න බෝම්බ වැදුණා. බඩවැල් ගෙනිච්චෙ එක වාහනයක. මෙයාව ගෙනිච්චෙ තවත් වාහනයක. ඒ වගේ කෙනෙක් තමා අද ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්පූර්ණයෙන්ම ඒකපාක්ෂිකයි. මම ඒ බව එදත් කීවා. අදත් කියනවා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා කළා කියලා සහ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න කියලා මගෙන් ඉල්ලීමක් කරලත් මං කැඳෙව්වේ නැහැ කියලා මට පෙර කතා කළ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ආරක්ෂක මණ්ඩලය කැඳවන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා කියන කතාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT