ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ රටවල විශ්වාසය දිනා ගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජය සංවිධාන කළ, තෝරාගත් ආගමික ස්ථාන, පාසල් හා වැඩිහිටි නිවාසවලට උපකරණ කට්ටල බෙදාදීම වෙනුවෙන් ඊයේ (21) පැවැති උත්සවයට එක් වෙමිනි.
මේ සඳහා ජාත්‍යන්තරයේ සම්මත නීති රෙගුලාසි සමඟ අපද අනුගත විය යුතු බවත්, ඊට අනුකූලව ආර්ථිකය හසුරුවා ගැනීම මඟින් ජාත්‍යන්තර ආර්ථිකය සමඟ ඉදිරියට යා හැකි බවත් සාගල රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කොළඹ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති මේ උත්සවයේදී, තෝරා ගත් ආගමික සිද්ධස්ථාන හා වැඩිහිටි නිවාස සඳහා චීන රජයේ අනුග්‍රහය යටතේ දෙන ලද සූර්ය බල පද්ධති බෙදා දීම, තෝරා ගත් පාසල් කීපයකට ක්‍රිකට් උපකරණ කට්ටල ලබාදීම හා තෝරා ගත් පාසල් සිසුන්ට පාසල් බෑග් බෙදාදීම සිදු කෙරිණි.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, ජාත්‍යන්තර ලියෝ සමාජ උපදේශක ලසන්ත ගුණවර්ධන ඇතුළු ලියෝ සමාජයේ නිලධාරීන් සහ සාමාජිකයන්, ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේ මෙන්ම රාජකීය විද්‍යාලයේ ගුරුවරුන්, වත්මන් හා ආදි සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.