මාතලේ මහා නගර සභාවේ ආදාහනාගාරයේ මෘත ශරීර පිලිස්සීම සඳහා අය කරන ගාස්තුවලට අදාළ රිසිට්පත් වෙනස් කරමින් සිදු කර ඇතැයි කියන රුපියල් 550,000ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරිනියගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. නගර සභාවේ සේවය කළ අදාළ නිලධාරිනිය වාර්ෂික මාරුවීම් යටතේ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත ගොස් සිටියදී මේ වංචාව සම්බන්ධයෙන් විගණන විමසුමක් නිකුත් විය. පසුව ඒ පිළිබඳව මාතලේ මහා නගර සභාව මඟින් මාතලේ පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. නගර සභා සේවකයන්ගෙන් හා ආදාහනාගාරය වෙන් කරගැනීමට මුදල් ගෙවීම් කළ පුද්ගලයන් කිහිප දෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ ගෙන ඇත. වැඩ තහනමට ලක් වූ නිලධාරිනියට විදේශගත වීමට නොහැකි වන ලෙස නියෝගයක්ද පොලිසිය මාතලේ අධිකරණයෙන් ගෙන තිබේ. මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගේ උපදෙස් මත මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් කාර්යාලය මගින්ද මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මාතලේ ආදාහනාගාරයේ රිසිට් වෙනස් කර
අසේල කුරුළුවංශ
ලක්ෂ පහමාරක් පිල්ලි ගැසූ නිලධාරිනියගේ වැඩ තහනම්
by mahesh
September 22, 2023 12:55 am
0 comment
අසේල කුරුළුවංශ
672
මීලඟ පුවත