774
අතරමඟදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඇති වූ කෝපයෙන් සිය මලණුවන්ට පිහියෙන් ඇන මරාදැමූ 45 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (21) මරණීය දණ්ඩනය නියම කළේය. 2016 අගෝස්තු 26 දින කැලණියේදී පුද්ගලයකුට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් 2019දී මේ අධි චෝදනා ගොනු කර තිබිණි. පැමිණිල්ලේ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව සඳහන් කරමින් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.