Monday, April 21, 2025
Home » ‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්’ එළිදක්වමින්…

‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්’ එළිදක්වමින්…

by mahesh
September 22, 2023 1:00 am 0 comment

මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ
'අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්' කෘතියේ කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා විසින් එහි පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත පිළිගන්වන අයුරු

ෆැක්ටම් චින්තන පර්ෂදයෙන් ‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්’ නමින් විදේශ ප්‍රතිපත්ති විවරණයක් එළිදැක්වීම කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පසුගියදා (19) සිදු විය. කෘතියේ කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා විසින් එම කෘතියේ පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීය.

මේ උත්සවය අමතමින් අදහස් දැක්වූ ෆැක්ටම් හි අධ්‍යක්ෂ, උපදේශක, ආචාර්ය රංග කලංසූරිය මහතා මෙලෙස කියා සිටියේය.

“රටේ පළාත් නවයම ආවරණය වන පරිදි පවත්වන ලද උපදේශන වැඩමුළු සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල තොරතුරු මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමට පදනම් කරගෙන තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සාමාජිකයන්, විදේශ අමාත්‍යාංශයේ විශ්‍රාමික ලේකම්වරුන්, තානාපතිවරුන් ඇතුළු කීර්තිමත් නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ පරිපාලන සේවා නිලධාරීන් සමඟ කතුවරයා විසින් සිදු කරන ලද ගැඹුරු සම්මුඛ සාකච්ඡා මේ ග්‍රන්ථයට ඇතුළත්. මේ ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පර්යේෂකයන් වයස අවුරුදු 30ට අඩු අය වීම විශේෂත්වයක්. ඔවුන් මෙරට පළාත් නවයම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා කැප වූණා. මේ සියලු කටයුතු ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය වූ රටක් පිළිබඳ දැක්මට සමපාත වෙනවා. මෙරට විදේශ ප්‍රතිපත්තිය ආශ්‍රිත කතිකාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනාගතයට රටේ උපායමාර්ගික දිශානතිය හැඩගස්වන බවට වු සහතිකයක් මේ ග්‍රන්ථය හරහා ලබා දී තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT