යාපනයේ වැලි ජාවාරම්, ගව ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට දින දහයකදී කටයුතු කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඇමැතිවරයා පසුගිය සතියේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර, මේ නීති විරෝධී ක්‍රියා පිළිබඳව එහිදී ධීවර කාර්මිකයන් විසින් ඇමැතිවරයාට කරුණු පැහැදිලි කර ඇත. ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද නීති විරෝධී ධීවර කටයුතු වහාම නැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතු බව ධීවර ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඇමැතිවරයා කිමිදුම්කරුවන් හමුවී සාකච්ඡා කළ අතර, මුහුදු කූඩැල්ලන් වගා කටයුතුවල යෙදෙන ධීවර ප්‍රජාව හමුවී ඔවුන්ගේ ගැටලු ද විමසීමය.
මුලතිව් ඉරෙට්ටෙයිවයිකාල් වැව නිරීක්ෂණය කළ ඇමැතිවරයා එම වැවෙහි රොන්මඩ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පුදුමාතලන් කලපුව නිරීක්ෂණය කළ ඇමැතිවරයා එම කලපුව ප්‍රතිසංස්කරණය කර ධීවරයන්ගේ ජීවනෝපාය කරගෙන යෑමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය.