Friday, April 18, 2025
Home » “ජනසභා ක්‍රමයට පුර්ණ සහය දෙනවා” – ලංකා සමසමාජ පක්ෂයේ නායක

“ජනසභා ක්‍රමයට පුර්ණ සහය දෙනවා” – ලංකා සමසමාජ පක්ෂයේ නායක

by chanaka
September 22, 2023 1:05 pm 0 comment

ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය විසින් සකස් කර ඇති ජනසභා ක්‍රමය පිළිබඳව පනත් කෙටුම්පතට සහ ජනසභා ක්‍රමයට තම පුර්ණ එකඟතාවය පලකරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් හමුවූ අවස්ථාවේ දීය.

සිවිල් සමාජ යෝජනාවක් ලෙස ඉදිරිපත් වී, අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය විසින් සකස් කර ඇති ජනසභා ක්‍රමය ඉතාම කාලෝචිත මෙන් ම ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය ජනතාවාදී ආකාරයෙන් සිදු කිරීමටත්, පාලනය සදහා ජනතාව සහභාගී කරගැනීමේ සහභාගීත්ව ආකෘතියක් කටයුතු කිරීමේ වැදගත් කමත් දෙපාර්ශවය විසින් වැඩි දුරටත් සාකච්ඡා කළහ.

ජනසභා ක්‍රමය පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළ අතර මෙම සාකච්ඡාව සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර, ජාතික ජනසභා කාර්යාලයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන) නීතිඥ අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT