1K
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(23) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය කියා සිටින්නේ, කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට හෙට පස්වරු 6.00 සිට ඉරිදා (24)පෙරවරු 6.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ලබන බවයි.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරණ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇත.