Home » බ්‍රිතාන්‍යයෙන් සම්මානයට පාත්‍ර වූ පුෂ්පා රම්‍යා ද සොයිසා දිවයිනට

බ්‍රිතාන්‍යයෙන් සම්මානයට පාත්‍ර වූ පුෂ්පා රම්‍යා ද සොයිසා දිවයිනට

by yasara
September 22, 2023 11:56 am 0 comment

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් ” ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද (22)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය , කාළය , ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව පුෂ්පා රම්‍යා මෙනෙවිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළාය .

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින  එදා ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව , ලෝකයේ  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් තමන්ට  මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්  සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක්  බව ද පුෂ්පා රම්‍යා මෙනෙවිය ප්‍රකාශ කළාය .

එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ හෙද සේවය ගැන සිය අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙද නිලධාරීන් 75,000 ක් අවශ්‍ය වුවද , දැනට සිටින්නේ 38,000 ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසුවාය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT