Friday, April 18, 2025
Home » ප්ලාස්ටික බිත්තර ඇත්ත හෙළිවෙයි

ප්ලාස්ටික බිත්තර ඇත්ත හෙළිවෙයි

by chanaka
September 22, 2023 10:55 am 0 comment

indian eggs

වෙළෙඳපොලේ කෘතිම බිත්තර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ, ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ද ලැබී නොමැති බවයි.

ශ්‍රී ලංකාව තුළ කෘතිම බිත්තර අලෙවිය හෝ ආහාර සඳහා යොදාගැනීමට නොහැකි බව ද එම නිවේදනයේ සඳහන් කෙරේ.

මේ අතර, පසුගිය කාලයේ කෘතිම සහල් පිළිබඳ ලැබුණු තොරතුරු මත ඊට අදාළ සාම්පල පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කර තිබේ.

එහෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, කෘතිම සහල් මෙරට වෙළෙඳපොලෙන් හසු නොවූ බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT