Home » ත්‍රිපෝෂ වැඩසටහනට ශ්‍රී ලංකා රජයට එක්සත් ජනපදයෙන් සහාය

ත්‍රිපෝෂ වැඩසටහනට ශ්‍රී ලංකා රජයට එක්සත් ජනපදයෙන් සහාය

by chanaka
September 22, 2023 10:47 am 0 comment

ලෝක ආහාර වැඩපිළිවෙල හරහා මව්වරුන්ට සහ දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීමේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට සහාය දක්වයි.

ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය(USAID) විසින් පෝෂණීය ත්‍රිපෝෂ ආහාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වීම සඳහා සෝයා බෝංචි සහ බඩඉරිඟු මෙට්ට්‍රික්ටොන් 4,700 ක තොගයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත භාර දෙයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ පැවති විශේෂ උත්සවයකදී මෙම භාරදීම සිදු විය.

මෙම ආහාර තොගය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සිදු කරන හදිසි මෙහෙයුම වෙනුවෙන් එක්සත් ජනපදය සපයනු ලබන ඩොලර් මිලියන 20ක පුළුල් සහනාධාරයේ කොටසකි. එමගින් ආහාර අනාරක්ෂිතභාවය සහිත ශ්‍රී ලාංකික පවුල් සඳහා මුදල්, ආහාර ආධාර සහ වවුචර ලබා දීමේ හැකියාව ලෝක ආහාර වැඩපිළිවෙල වෙත ලබා දී ඇත. පාසල් ආහාර ලබා දීම සහ පෝෂණීය ත්‍රිපෝෂ මිශ්‍ර ආහාර නිෂ්පාදනය ඇතුළු ජාතික ආහාර සහ පෝෂණ වැඩසටහන් සදහා ද එක්සත් ජනපදය සහාය වේ.

රටේ ආර්ථික අර්බුදය, රැකියා අහිමි වීම, ආදායම් අඩුවීම සහ ඉහළ යන ජීවන වියදම් සමඟ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට පුද්ගලයින්ට ඇති හැකියාව කෙරෙහි බලපා ඇත. ගැබිනි සහ කිරි දෙන මව්වරුන් සහ කුඩා දරුවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මන්දපෝෂණයේ ඉහළ අවදානමක් ඇත.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සාමාන්‍ය ආහාර වේලට අතිරේක වශයෙන් පෝෂණය සහිත ත්‍රිපෝෂ භාවිතා කරන අතර ජාතික පෝෂණ වැඩසටහන හරහා එය නොමිලේ ලබා දෙයි. එක්සත් ජනපදයේ අරමුදල් යටතේ සැපයෙන අමුද්‍රව්‍ය, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සහ අවුරුදු 05ට අඩු මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් මිලියන භාගයකට වඩා වැඩි ප්‍රමාණයකට වාර 04ක් ලබා දීමට ප්‍රමාණවත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා යොදා ගනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT