ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා පසුගියදා(20) හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණීයේය.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.
දෙරට අතර සිදුවන අනවසර සංක්‍රමණිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එක්ව ගත හැකි ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කෙරිණි.
මෙහිදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පිළිබඳවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා අවධානය යොමු කළහ.