රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් පහයි භාගයක් නීති විරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට යමින් සිටි ගුවන් මගියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඊයේ (21) උදෑසන 05.30ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු ගුවන්තොටුපොළේ සියලුම පරීක්ෂණ නිමවා ගුවන්තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු රැගෙන ආ ගමන් මලු තුළ තිබී මෙම ග්‍රෑම් 616ක් බරැති රන් බිස්කට් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබිණ.
පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ රන් බිස්කට් සියල්ල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.