ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා අලෙවිසල 24 වැනි වරටත් මෙවර ද අද (22) සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්ධීවර මහතා කියා සිටියේ මෙවර ප්‍රදර්ශනයට දෙස් විදෙස් ප්‍රදර්ශන කුටි 500කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වන බවයි. පෙර වසරට වඩා පොත්වල මිලෙහි අඩු වීමක් සිදුවී ඇති බවත් මෙවර ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය ද ආවරණය වන පරිදි මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන බැවින් දරු දැරියන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් සංවිධානය වී තිබීම ද විශේෂත්වයක් බව ඒ මහතා පැවැසීය.